ප්‍රසිද් ක්‍රිෂ්නා සිව්වැනි ටෙස්ට් තරගය සදහා වන ඉන්දීය සංචිතයට

Date:

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත සිව්වැනි ටෙස්ට් තරගය සදහා වන ඉන්දීය සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්නා නම් කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම් කළමණාකාරීත්වයේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ප්‍රසිද් ක්‍රිෂ්නා අමතර ක්‍රීඩකයෙකු ලෙස ඇතුළත්ව සිටියා.

මේ අතර, ආබාධයකට ලක් වූ රවීන්ද්‍ර ජඩේජා මේ වන විට සුවය ලබා ඇති බවත්, ඔහු සිව්වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවත් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(2) ලන්ඩන් නුවර “ද ඕවල්” ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...