“මම බදින්නේ අපි ලෝක කුසලානය දින්නට පස්සේ” – රෂීඩ් ඛාන්

Date:

රෂීඩ් ඛාන් යනු මේ වන විට ලොව සිටින දක්ෂතම දග පන්දු යවන්නෙක්.

ටෙස්ට් තරග 4කට, එක්දින තරග 71කට සහ 20යි 20 තරග 48කට ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී කඩුලු 250කට ආසන්න ප්‍රමාණයක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

තවමත් 21 වන වියේ පසුවන රෂීඩ් ඛාන් මේ වන විට ලොව අංක එකේ 20යි 20 පන්දු යවන්නා ලෙසයි ශ්‍රේණිගත කිරීම්හි සිය නම සටහන් කර ගෙන ඇත්තේ.

මෙම යොවුන් ක්‍රීඩකයා ගුවන් විදුලි නාලිකාවකට අදහස් දක්වමින් සිය විවාහය සම්බන්ධයෙන් ඉතාමත් අපූර්ව ප්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී රෂීඩ් ඛාන් සදහන් කර ඇත්තේ තමාගේ විවාහය ඇෆ්ඝනිස්තානය ලෝක කුසලාන තරගාවලියක් ජය ගැනීමෙන් පසුව සිදු කරන බවයි.

“මම විවාහ වේවි ඇෆ්ඝනිස්තානය ලෝක කුසලානයක් ජයග්‍රහනය කළාම”

යනුවෙන් ඔහු සදහන් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...