බ්ලැක්වුඩ්ගේ සටන්කාමී පිතිහරඹයෙන් කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – Match Report

Date:

එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා සිය දෙවන ඉනිමේ දී ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

ජර්මෙයින් බ්ලැක්වුඩ් ලකුණු 95ක් රැස් කළ අතර, රොස්ටන් චේස් ලකුණු 37ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් කඩුලු 3ක් බිද හෙලුවා.

සවුත්හැම්ටන්හී දී පැවැති තරගයේ පස්වන හා අවසන් දිනය වූ අද(12) දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 284ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 313ක් පමණයි.

Zak Crawley ලකුණු 76ක් සහ ඩොම් සිබ්ලි ලකුණු 50ක් රැස් කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ෂැනොන් ගේබ්‍රියල් කඩුලු 5ක් බිද හෙලූ අතර, රොස්ටන් චේස් සහ අල්සාරි ජෝසප් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 204ක් පමණයි.

අනතුරුව කොදෙව්වන් සිය පළමු ඉනිමට ලකුණු 318ක් රැස් කළා.

තරගයේ වීරයා ෂැනොන් ගේබ්‍රියල්.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...