දෙවන දරු උපත නිසා බට්ලර්ට සිව්වැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ජොස් බට්ලර්ට මෙම තරගය අහිමි වි ඇත්තේ ඔහුගේ බිරිද දෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින්.

සංචිතය සදහා ක්‍රිස් වෝක්ස් යළි කැදවීමට පියවර ගෙන තිබෙනවා.

ඔහු වසරකටත් වැඩි කාලයකින් එරට ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර නැහැ.

සිව්වැනි ටෙස්ට් තරගයේ දී ජොනී බෙයාර්ස්ටව් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, සෑම් බිලින්ග්ස් ද සංචිතයට නම් කර ඇත්තේ අමතර කඩුලු රකින්නෙකු ලෙසයි.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගය ලබන දෙවනදා ලන්ඩන්හි ‘ද ඕවල්’ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

England squad:

Joe Root (capt), Moeen Ali, James Anderson, Jonny Bairstow (wk), Sam Billings (wk), Rory Burns, Sam Curran, Haseeb Hameed, Dan Lawrence, Dawid Malan, Craig Overton, Ollie Pope, Ollie Robinson, Chris Woakes, Mark Wood.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...