එංගලන්තය හමුවේ ඉන්දියාවට ඉනිමක දැවැන්ත පරාජයක්

Date:

එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය අද(28) නිමා වුණේ එංගලන්තයට ඉනිමක හා ලකුණු 76ක දැවැන්ත ජයක් හිමි කර දෙමින්.

තරගයේ සිව්වන දිනය අද (28) ලීඩ්ස්හි හෙඩින්ග්ලී ක්‍රීඩා පිටියේදී ආරම්භ වන විට ඉන්දියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 215ක් ලබා සිටි නමුත්, ඔවුන්ගේ ඉනිම දිවා ආහාරයටත් පෙර නිමා වුණේ සියලු ක්‍රීඩකයින් ලකුණු 278කට සීමා වීමත් සමගයි.

චෙටස්වර් පුජාරා ලකුණු 91ක් ලබා සිය 19 වන ටෙස්ට් ශතකය ආසන්නයේ රැදී සිටිමින් දිනය ආරම්භ කළ නමුත්, ඔහුට අද දිනයේ දී කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූයේ ඔලී රොබින්සන් යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම හේතුවෙන්.

නායක විරාට් කෝලි සිය 27 වන අර්ධ ශතකය වාර්තා කිරීමට අද සමත් වූ අතර, ඔලී රොබින්සන් යොමු කළ ඉන්දීය ඉනිමේ 90 වන පන්දුවාරයේ හයවන පන්දුව කෝලිගේ පිත්තේ පිට අග්‍රයේ වැදී ජෝ රූට් විසින් රැක ගත්තේ ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන් කරමින්.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 30කටත්, අජින්කෙයා රහානේ ලකුණු 10කටත් අද දැවී ගිය අතර, රෝහිට් ෂර්මා ඊයේ දිනයේ දී දැවී ගියේ ලකුණු 59ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේ දී ඔලී රොබින්සන් කඩුලු 5ක් ද, ක්‍රෙයිග් ඕවර්ටන් කඩුලු 3ක් ද දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 78ක් පමණයි.

පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 432ක් රැස් කළේ ජෝ රූට් ලබා ගත් ලකුණු 121න් හා ඩාවිඩ් මලාන් ලබා ගත් ලකුණු 70න් සවිමත් වෙමින්.

මෙම තරගයේ දී කඩුලු 7ක් දවා ගත් ඔලී රොබින්සන් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම තරග ජයග්‍රහනයත් සමග දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස සම තත්ත්වයට පත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...