ඉන්දියාව ඉනිමක පරාජයෙන් ගැළවීමට තවත් ලකුණු 139ක් පිටුපසින්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලීඩ්ස් හී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (27) නිමා වුණා.

ඒ වන විට ඉනිමක පරාජයෙන් ගැළවීමේ අරමුණින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 215ක්.

චෙටස්වර් පුජාරා නොදැවී ලකුණු 91ක් හා විරාට් කෝලි නොදැවී ලකුණු 45ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඔවුන් දෙදෙනා අතර මේ වන විට තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 99ක්.

කේ.එල් රාහුල් ලකුණු 8කටත්, රෝහිට් ෂර්මා ලකුණු 59කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ඔලී රොබින්සන් හා ක්‍රෙයිග් ඕවර්ටන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 432ක්.

ඒ, ජෝ රූට් රැස් කළ ලකුණු 121න් හා ඩාවිඩ් මලාන් ලබා ගත් ලකුණු 70න් සවිමත් වෙමින්.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි කඩුලු 4ක් ද, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් සිරාජ් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 78ක්.

ඒ අනුව ඉන්දියාව ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් තවත් ලකුණු 139ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...