උදානගේ වාර්තාගත කඩුලු 5 නයිට් රයිඩර්ස් පිලට ජය ගෙන එයි

Date:

20යි 20 පිටියේ දී ඉසුරු උදාන වාර්තා කළ හොදම පන්දු යැවීමෙන් හා කිරන් පොලාඩ්ගේ වේගවත් අර්ධ ශතකය හේතුවෙන් මෙවර කැරිබින් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ 4 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වූයේ බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමයි.

ශාන්ත කිට්ස් හි Warner Park ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බාර්බඩෝස් කණ්ඩායම පන්දුවාර 19.2ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 122ක් පමණයි.

අසාම් ඛාන් ලකුණු 30ක් ද, ග්ලේන් පිලිප්ස් ලකුණු 24ක් ද, ෂායි හෝප් ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේ සුපිරි දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ලකුණු 21ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දී බිද හෙලූ කඩුලු ගණන 5ක්.

එය CPL ඉතිහාසයේ දී පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ 6 වැනි හොදම පන්දු යැවීමේ දක්ෂතාවය වීම ද විශේෂත්වයක්. (දර්ශන පහතින්)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිතිකරුවන් පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මුල් පෙල පිතිකරුවන්ගේ සාර්ථක දායකත්වයක් මෙම ලකුණු හඹා යාමට නොලැබුණු අවස්ථාවක පිටියට පිවිසි නායක කිරන් පොලාඩ් පන්දු 30කින් වේගවත් ලකුණු 58න් නොදැවී රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ඔහුගේ ඉනිම හයේ පහර 6කින් හා හතරේ පහර 3කින් වර්ණවත් වුණා.

දිනේෂ් රම්දින් නොදැවී ලකුණු 29ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී මොහොමඩ් අමීර් ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...