ඉන්දියාව පරාජයෙන් ගලවන්න කෝලි වෙනුවට පිටියට ආ ප්‍රේක්ෂකයා

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ දිනවල එංගලන්තයේ ලීඩ්ස් හී දී පැවැත්වෙනවා.

මෙම තරගාවලියේ මේ වන විට ක්‍රීඩකයින්ටත් වඩා සමාජජාලා මාධ්‍ය තුළ ජනප්‍රිය වී ඇති පුද්ගලයා බවට පත්ව ඇත්තේ Jarvo නම් පුද්ගලයායි.

ඔහු දෙවැනි ටෙස්ට් තරගයේ දී වඩාත් කතා බහට ලක් වූයේ ඉන්දීය ක්‍රීඩකයින් පන්දු රැකීම සදහා පිටියට පිවිසි අවස්ථාවේ දී ඔහු ද පන්දු රැකීම සදහා පිටියට පිවිසීම හේතුවෙන්.

අනතුරුව ක්‍රීඩාංගනයේ සිටි ආරක්ෂක නිළධාරීන් විසින් ඔහුව ඉවත් කිරීමට පියවර ගත්තා.

මෙම උත්සාහයෙන් නොනැවතුණු Jarvo යළිත් වරක් ක්‍රීඩාංගනය ආක්‍රමණය කිරීමට කටයුතු කළේ අද(27) දිනයේ දී යි.

ඒ, දෙරට අතර තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී ඉන්දියාව පන්දුවට පහර දෙමින් සිටින අතුරතුර දී යි.

ඉන්දීය කණ්ඩායමේ අංක 4 පිතිකරුවා ලෙස ටෙස්ට් තරගවලදී පන්දුවට පහර දෙන්නේ විරාට් කෝලි බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ.

කෙසේ වෙතත්, මෙම ඉනිමේ දී රෝහිට් ෂර්මා දැවී යාමෙන් පසුව ඉනිමේ අංක 4 පිතිකරුවා ලෙස පිටියට පිවිසියේ කවුරුත් බලාපොරොත්තු නොවූ අයුරින් Jarvo නම් පුද්ගලයායි.

අනතුරුව පෙර අවස්ථාවේ දී මෙන්ම ඔහුව ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිළධාරීන් කටයුතු කළා.

වීඩියෝ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...