බොහෝ දෙනාගේ අවධානය දිනූ හේල්ස්ගේ මනරම් ලෝෆ්ටඩ් ඩ්‍රයිව් පහර

Date:

එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන ප්‍රාන්ත කණ්ඩායම් 18 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන T20 Blast 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් අදියරේ තරග මේ දිනවල පැවැත්වෙනවා.

මෙම තරගාවලිය සදහා සුපුරුදු පරිදි විදෙස් ක්‍රීඩකයින්ද සහභාගීවන අතර, එහි අර්ධ අවසන් පූර්ව වටයේ තරග පසුගියදා 24 වනදා ආරම්භ වුණා.

එහිදී නොටින්හැම්ශයර් සහ හැම්ප්ශයර් කණ්ඩායම් අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදීනොටින්හැම්ශයර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් විසින් ලෝෆ්ටඩ් ඩ්‍රයිව් පහරක් මගින් එල්ල කළ ඉතාමත් මනරම් හයේ පහරක් පිළිබඳ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි අවධානය මේ වන විට යොමුව තිබෙනවා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දී හැම්ප්ශයර් කණ්ඩායම ලබාදුන් ලකුණු 126 ක ඉලක්කය නොටින්හැම්ශයර් කණ්ඩායම විසින් හඹායමින් සිටි අවස්ථාවේදීයි ඔහු එම පහර එල්ල කළේ.

ඉනිමේ 2 වන පන්දුවාරයේ දී ලියම් ඩෝසන් විසින් යොමු කළ පන්දුවටකට ඇලෙක්ස් හේල්ස් විසින් මෙම අලංකාර ලෝෆ්ටඩ් ඩ්‍රයිව් පහර එල්ල කරනු ලැබුවා.

කෙසේ වෙතත්, සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට ඇලෙක්ස් හේල්ස්ට මෙම තරගයේදී අවස්ථාව ලැබුණේ නැහෑ.

ඔහු ලකුණු 19 ක් ලබා සිටියදීයි දැවී ගියේ.

සියල්ලන් දැවී නොටින්හැම්ශයර් කණ්ඩායමට මෙම තරගයේ දී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 123 ක් පමණයි.

ඒ අනුව හැම්ප්ශයර් කණ්ඩායම ලකුණු දෙකක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...