අවසන් මහා තරගයේදී ග්‍රේස් කණ්ඩායමේ ප්‍රබල වෙනසක් ගැන නායක දසුන් පවසයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට(24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් කණ්ඩායම හා දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් කණ්ඩායම අතරයි.

අවසන් මහා තරගය අගහරුවාදා මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටයේ දී මුහුණ දුන් තරග 6 න් තරග 4 ක ජය වාර්තා කළ ග්‍රේස් පිල අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, රෙඩ්ස් කණ්ඩායම තමන් ක්‍රීඩා කළ තරග 6 න් තරග 3 ක් ජය ගැනීමට සමත් වුණා.

මූලික වටයේ තරග පැවැති අවසන් දින දෙකට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරග 3 ක් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ග්‍රේස් කණ්ඩායමේ දසුන් ශානක. ඔහු ඉනිම 5කදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 210ක්.

වැඩිම කඩුලුලාභීන් 7 දෙනාම රෙඩ්ස් හා ග්‍රේස් කණ්ඩායම්වල පන්දු යවන්නන් වීම කැපී පෙනන සිදුවීමක්.

රෙඩ්ස් කණ්ඩායමේ හිමේෂ් රාමනායක, සීක්කුගේ ප්‍රසන්න සහ චාමික කරුණාරත්න එහි පළමු ස්ථාන 3 හිමි කර ගෙන ඇත්තේ පිළිවෙලින් කඩුලු 7,7 හා 5කට හිමිකම් කියමින්.

ග්‍රේස් කණ්ඩායමේ නුවන් ප්‍රදීප්, පුලින තරංග, අෂේන් ඩැනියෙල් සහ චතුරංග ද සිල්වා පිළිවෙලින් 4, 5, 6 හා 7 යන ස්ථානවල රැදී සිටිනවා.

මේ අතර, අවසන් මහා තරගය සදහා ග්‍රේස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ළහිරු මදුෂංක ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව නායක දසුන් ශානක සදහන් කළා.

දැවැන්ත හයේ පහරවල් එල්ල කිරීමට ඔහුට ඇති හැකියාව නිසා ඔහු පිළිබද බොහෝ දෙනෙකුගේ අවධානය පසුගිය දිනවලදී යොමු වුණා.

ආබාධයකට ලක්වීම හේතුවෙනුයි ඔහුට නිමා වූ තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...