මෙරට කොවිඩ් නීති නිසා දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකුට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු Charl Langeveldt හා වේග පන්දු යවන ක්‍රීඩක ජූනියර් ඩලාට එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය අහිමි වී තිබෙනවා.

ඒ, ඔවුන්ට මීට සති කිහිපයකට පෙර කොවිඩ් 19 ආසාදනය වී තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති නමුත්, ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසා ඔවුන්ට මෙරට තරග සංචාරයට එක් වීමට හැකි වන්නේ නැහැ.

කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනහොත් අවම වශයෙන් දින 21ක කාලයක් ගත වන තුරු එම පුද්ගලයාට දිවයිනට පැමිණීමට අවසර හිමි වන්නේ නැහැ.

ඒ අනුව ජූනියර් ඩලා වෙනුවට ලුතෝ සිපම්ලා සංචිතයට ආදේශ කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම Mandla Mashimbyi විසින් පන්දු යැවීමේ පුහුණුකරු Charl Langeveldtගේ වගකීම මෙම සංචාරයේ දී ඉටු කරනු ඇති.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකා කණ්ඩායම එළඹෙන බදාදා දිනයේ දී එරටින් පිටත්ව යාමට නියමිතව ඇති අතර, පළමු එක්දින තරගය ලබන දෙවනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...