ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සමගින් CPL තරගාවලිය එළඹෙන 26 වනදා ඇරඹේ

Date:

බටහිර ඉන්දිය කොදෙව් දූපත් හි පැවැත්වෙන ප්‍රමුඛතම විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය වන කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් CPL තරගාවලිය නවවන වරටත් ලබන 26 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වී අවසන්.

2013 වසරේදී ඇරඹි CPL තරගාවලියට මෙවරත් විදෙස් ක්‍රීඩකයන් රැසක් සහභාගීවීමට නියමිතයි.

කණ්ඩායම් 6 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට තරග 33 ක් ඇතුළත්.

එක් කණ්ඩායමක් සෑම කණ්ඩායමක් සමගම අවස්ථා දෙකකදී තරගවැදීමට නියමිතයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සියලුම තරග එක් ක්‍රීඩාංගණයක පමණක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඒ අනුව සියලු තරග ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස්හි Warner Park ක්‍රීඩාංනයේ දී පැවැත්වෙනවා.

මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් සහභාගීවන්නේ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණයි.

ඒ, හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු වන තිසර පෙරේරා සහා ඉසුරු උදානයි.

තිසර පෙරෙරා බාබර්ඩෝස් රෝයල්ස් කණ්ඩායමත්, ඉසුරු උදාන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමත් නියෝජනය කරනවා.

ඔවුන් දෙදෙනාට අමතරව ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගව තොරා ගෙන තිබූ නමුත්, එළඹෙන දකුණු අප්‍රිකා තරගාවලිය හේතුවෙන් ඔහු මෙවර CPL තරගාවලියට ක්‍රීඩා නොකිරීමටයි තීරණය කළේ.

තරගාවලි 08 ක් මේ වන විට සාර්ථකව පවත්වා අවසන් අතර එයින් තරගාවලි 04 කම ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ කිරන් පොලාඩ් නායකත්වය දරන සුප්‍රකට බොලිවුඩ් නලු ශාරුක් ඛාන් හිමිකාරිත්වය දරන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...