RCB පුහුණුකරු ඉල්ලා අස් වෙයි; ක්‍රීඩකයින් අද සිට වැඩ අල්ලයි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ පුහුණුකරු සයිමන් කැටිච් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එම තීරණය ගත් බවයි RCB කණ්ඩායම නිවේදනය කළේ.

ඒ අනුව මෙම තරග වාරයේ දී මයික් හෙසන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඒ, ඔහු විසින් දරනු ලබන ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ ධූරයට අමතරවයි.

බැංගලෝර් කණ්ඩායම සදහා අද දිනයේ දී නව වෙනස්කම් 3ක් ද සිදු කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා සිංගප්පූරුවේ ටිම් ඩේවිඩ් සංචිතයට කැදවීමට පියවර ගත්තේ පිළිවෙලින් ඇඩම් සම්පා, ඩැනියල් සෑම්ස් හා ෆින් ඇලන් වෙනුවටයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ලබන 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතව ඇති අතර, ඒ සදහා සූදානම් වීමට RCB කණ්ඩායමේ ක්‍රීඩකයින් හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් අද දිනයේ දී බැංගලෝර් හී දී එක් වීමට නියමිතයි.

ඔවුන් දින 7ක කාලයක් නිරෝධායනයට ලක්වන අතර, එහිදී PCR පරීක්ෂණ සදහා ද මුහුණ දෙනු ඇති.

ඔවුන් ලබන 29 වනදා විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවෙන් පිටත්ව යාමට නියමිත බවයි එම කණ්ඩායම නිවේදනය කළේ.

එක්සත් අරාබියට පැමිණීමෙන් පසුව ද සියලු දෙනා දින 6ක් නිරෝධායනයට ලක් විය යුතුයි.

වනිදු හසරංග, දුෂ්මන්ත චමීර ඇතුළු විදෙස් ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් 29 වනදායින් පසුව RCB කණ්ඩායම සමග එක් වනු ඇති.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින හා 20යි 20 තරගාවලි ලබන 2 වනදා සිට 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බැවින්, වනිදු හා දුෂ්මන්ත මෙන්ම අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් ලබන 14 වනදායින් පසුව අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් මෙරටින් පිටත්ව යාමට නියමිත බව සදහන්.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින හා 20යි 20 තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට නිරෝධායන කාලයක් ගත නොකර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගියදා තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලිය සදහා නිර්මාණය කරනු ලබන ජෛව ආරක්ෂිත බුබුලෙන් අදාළ ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලිය සදහා නිර්මාණය කෙරෙන ජෛව ආරක්ෂිත බුබුලකට හුවමාරු විය හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...