බංග්ලාදේශ 20යි 20 සංචිතයට රහීම් හා ලිටොන් කැදවයි

Date:

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය අද(19) ප්‍රකශයට පත් කෙරුණා.

මහ්මුදුල්ලාහ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට මුෂ්ෆිකර් රහීම් හා ලිටොන් ඩාස් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම අමිනුල් ඉස්ලාම් ද ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්.

පෞද්ගලික හේතුවක් මත නිමා වූ සිම්බාබ්වේ සංචාරය අතරමගදී යළි සිය රට බලා පැමිණීමට රහීම් කටයුතු කර තිබූ අතර, ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරග 5කින් යුත් 20යි 20 තරගාවලියට ද ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

ඒ, අවශ්‍ය නිරෝධායන කාලසීමාවන් ගත කිරීමට ඔහුට නොහැකි වීම හේතුවෙන්.

Squad:

Mahmudullah (C), Shakib Al Hasan, Mushfiqur Rahim, Soumya Sarkar, Litton Kumer Das, Musaddek Hossain Saikat, Afif Hossain, Naim Sheikh, Nurul Hasan Sohan, Shamim Hossain, Rubel Hossain, Mustafizur Rahman, Taskin Ahmed, Shaif Uddin, Shoriful Islam, Taijul Islam, Shak Mahedi Hasan, Aminul Islam Biplob, Nasum Ahmed

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...