තිරිමාන්නත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක් සමග ගිවිසුම් අත්සන් කරයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ද ඕස්ට්‍රේලයාවේ මුල්ග්‍රේව් (Mulgrave) ක්‍රිකට් සමාජයත් සමග එක්ව තිබෙනවා.

ඒ අනුව ඔහු මෙවර තරග වාරයේ දී එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති.

කෙසේ වෙතත්, කොපමණ කාලයක් සදහා තිරිමාන්න සමග ගිවිසුම් ගත වී ඇත්දැයි එම කණ්ඩායම නිවේදනය කළේ නැහැ.

මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය මහතා කටයුතු කරන අතර, නායකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්.

එමෙන්ම හිටපු ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග ද මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ප්‍රවීන වේග පන්දු යවන පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක මහතා ද එම ක්‍රිකට් සමාජයේ සහාය පුහුණුකරු ලෙස පසුගිය මාසයේ දී පත් කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...