අවිශ්කට ඇෆ්ඝනිස්තානයෙන් පුහුණුකාර ධූරයක්

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස පත්කර තිබෙනවා.

ඒ බව අද(17) එරට ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළා.

44 හැවිරිදි අවිශ්ක ගුණවර්ධනට ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් මීට පෙර දූෂන චෝදනා එල්ල කර තිබූ නමුත්, පසුගිය මැයි මාසයේ දී ඔහුව එම චෝදනාවලින් නිදහස් කළා.

ඒ අනුව මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට ඔහුට කිසිදු බාධාවක් නැහැ.

අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට හා එක්දින තරග 61කට ක්‍රීඩා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර්යය මණ්ඩලයේ සාමාජියෙකු ලෙස ද කටයුතු කළා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ මීළග තරගාවලිය පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට ඇෆ්ඝනිස්තානයේ පාලන බලය තලේබාන් සංවිධානය යටතට පත්ව ඇතත්, ක්‍රිකට් ක්‍රීඩාවට ඉන් බලපෑමක් සිදු නොවනු ඇති බවටයි වාර්තා පල වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...