ඉන්දීය කණ්ඩායමේ සිටින ශ්‍රී ලංකා පුහුණුකරුව දිනේෂ් කාර්තික් ප්‍රසිද්ධියේ ප්‍රශංසාවට ලක් කරයි

Date:

ඉන්දීය කණ්ඩායමේ පුහුණුකාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු වන නුවන් සෙනවිරත්න සම්බන්ධයෙන් ඉන්දියාවේ දිනේෂ් කාර්තික් ප්‍රශංසාත්මක අදහස් දැක්වීමක් සිදු කළා.

ඒ, නිමා වූ ඉන්දු – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී යි.

ඔහු ඉතා වේගවත් හා ශක්තිමත් අයෙකු ලෙස දිනේෂ් කාර්තික් පෙන්වා දුන් අතර, ඉන්දීය පුහුණු කාර්යය මණ්ඩලයේ සුවිශේෂී සාමාජිකයෙකු ලෙස ද කාර්තික් විසින් ඔහුව හදුන්වනු ලැබුවා. (වීඩියෝ දර්ශණ පහතින්)

“බව්වා” යන නමින් ද හදුන්වන නුවන් සෙනවිරත්න ශ්‍රී ලංකා හිටපු පළමු පෙල ක්‍රීඩකයෙකු වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.

පිතිකරුවන්ට ඉතා වේගයෙන් (පැයට කිලෝ මීටර් 170ට වඩා වැඩි වේගයෙන් වුවද) පන්දු විසි කිරීමට ඔහුට ඇති විශිෂ්ඨ හැකියාව හේතුවෙනුයි නුවන් සෙනවිරත්න වඩාත් කතාබහට ලක්වුණේ.

ඔහු ඉන්දීය කණ්ඩායම සමගින් එක් වුණේ 2018 වසරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...