මහේලගේ බ්‍රේව් අවසන් වටයට; තීරණාත්මක තරගයක් අද

Date:

ද හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ ස්ථානයක් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදර්න් බ්‍රේව් (Southern Brave) පිරිමි කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ 30 වන තරගයෙන් Oval Invincibles කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින්.

මෙම පරාජය හේතුවෙන් Oval Invincibles කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වුණා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් අවසන් වටයේ ස්ථානය තහවුරු කර ගත් Southern Brave කණ්ඩායම මූලික වටයේ සියලු තරග ක්‍රීඩා කර අවසන්ව ඇති අතර, එහිදී තරග 8කදී ඔවුන් ජය ලැබූ තරග සංඛ්‍යාව 5ක්.

ඔවුන් Trent Rockets හා Welsh Fire කණ්ඩායම් හමුවේ පරාජයට පත් වූ අතර, එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අතහැර දැමුණා.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන Birmingham Phoenix හා තෙවැනි ස්ථානයේ පසුවන Trent Rockets කණ්ඩායම ද අවසන් වටයට සුදුසුකම් ලබා අවසන්.

කෙසේ වෙතත්, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන පළමු කණ්ඩායම තීරණය වන්නේ අද(17) පැවැත්වෙන Birmingham Phoenix හා Northern Superchargers කණ්ඩායම් අතර තරගයේ ප්‍රතිපලය අනුවයි.

එම තරගයෙන් Birmingham කණ්ඩායම ජය ගතහොත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් ඔවුන් අවසන් තරගයට සෘජුව සුදුසුකම් ලබන අතර, ඔවුන් පරාජයට පත් වුවහොත් Southern Brave කණ්ඩායම අවසන් තරගයට සෘජුව සුදුසුකම් ලබනු ඇති.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හා තෙවැනි ස්ථානය(Trent Rockets) හිමි කර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව තරගයට (eliminator) ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් කණ්ඩායම සමගින් අවසන් තරගයේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් තරගාවලියේ කාන්තා අංශයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට Southern Brave කාන්තා කණ්ඩායම සමත්ව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...