T 20 ලෝක කුසලානය ලංකාවේ දී නරඹන්නේ මෙහෙමයි; තරග ඇරඹෙන වේලාවත් මෙන්න

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ හරියටම මාස දෙකක කාලයක්.

තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී පැවැත්වෙන්නේ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්ව අයිතිය යටතේයි.

තරගාවලියේ දී කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු මෙන්ම තරග කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර අවසන්.

ඒ අනුව ශ්‍රී ලංකාව මූලික වටයේ දී A කාණ්ඩයෙන් තරග වදින බවත්, ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වෙන බවත්, අප මීට පෙර තොරතුරු වාර්තා කළා.

එම තරගය අබුඩාබි හී දී එරට වේලාවෙන් පස්වරු 6ට ආරම්භ වීමට නියමිතයි. එය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ රාත්‍රී 7.30ටයි.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව ඔක්තෝබර් 20 වැනිදා එම වේලාවටම අබුඩාබිහී දී ආරම්භ වීමට නියමිතයි.

තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා සාජාහීදී පැවැත්වෙන අතර, එම තරගය ද මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වනු ඇති.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු වටයේ ක්‍රීඩා කරන සියලු තරග රාත්‍රී තරග ලෙසයි පැවැත්වෙන්නේ.

ශ්‍රී ලංකාව A කාණ්ඩයේ පළමු ස්ථානය හෝ දෙවැනි ස්ථානය හිමි කර ගතහොත් ඔවුන්ට සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වනවා.

තරගාවලිය සදහා තරග වදින සමස්ත කණ්ඩායම් සංඛ්‍යාව 16ක්.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාවට හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...