පළමු ටෙස්ට් තරගයෙන් කොදෙව්වන්ට කඩුල්ලක තියුණු ජයක්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද (16) අලුයම සමත් වුණා.

ජැමයිකාවේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 168ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් කඩුලු 9ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ තරගයේ සිව්වන දිනයේ දී යි.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 16දී බිද වැටුණු අතර, අනතුරුව සිව්වන කඩුල්ල සදහා ජර්මයින් බ්ලැක්වුඩ් හා රොස්ටන් චේස් අතර ලකුණු 68ක සබදතාවයක් ගොඩ නැගුණා.

බ්ලැක්වුඩ් ලකුණු 55ක් හා චේස් ලකුණු 22ක් රැස් කළා.

කොදෙව්වන් ජයග්‍රහනය කරා රැගෙන ගිය කෙමා රෝච් නොදැවී ලකුණු 30යි. ඔහුට අනගි සහායක් ලබා දෙමින් සිය කඩුල්ල ආරක්ෂා කර ගත් අංක 11 පිතිකරු වූ ජෙයිඩ්න් සීල්ස් පන්දු 13කින් ලකුණු 2ක් නොදැවී රැස් කළා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 4ක් හා හසන් අලී කඩුලු 3ක් දවා ගත්තා. ෆහීම් අශ්රෆ් බිද හෙලූ කඩුලු ගණන 2ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 217ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලකුණු 253ක් ලබා ගත්තා.

අනතුරුව පාකිස්තාන දෙවැනි ඉනිම ලකුණු 203කට සීමා වුණා. එහිදී නායක බබාර් අසාම් ලකුණු 55ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 5ක් බිද හෙලුවා. 19 හැවිරිදි ඔහු ඉතිහාසගත වුණේ කොදෙව්වන් වෙනුවෙන් ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවා ගත් ලාබාලතම වේග පන්දු යවන්නා ලෙසයි.

තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවේ ජෙයිඩ්න් සීල්ස්.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන 20 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...