බබාර් අසාම්ගේ 54*න් තරගය සමබර වෙයි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ජැමයිකාවේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය මෙරට වේලාවෙන් අද අලුයම(15) නිමා වුණේ තරගය තවදුරටත් කණ්ඩායම් දෙකටම සමබර කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 160ක් ලබා සිටියේ දෙවැනි ඉනිමේ දී කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 124ක් ඉදිරියෙන් පසුවෙමින්.

නායක බබාර් අසාම් නොදැවී ලකුණු 54ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉම්රාන් බට් හා ෆවඩ් අලාම් ලකුණු නොලබා දැවී ගිය අතර, අබිඩ් අලී ලකුණු 34ක් ද මොහොමඩ් රිස්වාන් ලකුණු 30ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී කෙමා රෝච් හා ජෙයිඩ්න් සීල්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 217ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව් පළමු ඉනිම සීමා වුණේ ලකුණු 253කටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...