දකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා නැමීබියාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට

Date:

දකුණු අප්‍රිකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීසා එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නැමීබියා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටිනවා.

ඒ බව නැමීබියා ජාතික කණ්ඩායමේ පුහුණුකරු Pierre de Bruyn විසින් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩේවීඩ් වීසගේ පියා ද නැමීබියාවේ උපත ලබා ඇති බැවින් ඔහුට නැමීබියා කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා බාධාවක් ඇති නොවනු ඇති.

ඩේවිඩ් වීසා අවසන් වරට දකුණු අප්‍රිකාව නියෝජනය කළේ 2016 වසරේ දී යි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 26 ක් ක්‍රීඩා කළ 36 හැවිරිදි ඔහු ක්‍රීඩා කර ඇති සමස්ත 20යි 20 තරග සංඛ්‍යාව 255ක්.

එංගලන්තයේ සසෙක්ස් කණ්ඩායම සමගින් කොල්පැක් ගිවිසුමක් අත්සන් කිරීමත් සමගයි ඔහු දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිටියට සමු දුන්නේ.

මේ දිනවලදී ද ඔහු එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ දී සසෙක්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද තරග 15 දී ක්‍රීඩා කර ඇති මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා පසුගිය පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී ඉහළ දස්කම් ප්‍රදර්ශනය කිරීමට ද සමත් වුණා.

නැමීබියා කණ්ඩායම මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ශ්‍රී ලංකාව, අයර්ලන්තය හා නෙදර්ලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...