ලෝක කුසලානය දිනන්න ශ්‍රී ලංකාවටත් අවස්ථාවක් තියෙනවා : හර්ෂල් ගිබ්ස්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ මාස දෙකක පමණ කාලයක්.

තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ඔක්තෝබර් 17 වනදා සිට පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය ජය ගත හැකි බවට විශ්වාස කළ හැකි කණ්ඩායම් පිළිබද මේ වන විට බොහෝ දෙනෙකු විවිධ මත පල කරනවා.

ඒ අතරට දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් ද ඇතුළත්,

ඔහු මෙවර ලෝක කුසලානය ජය ගත හැකි බවට විශ්වාස කළ හැකි ප්‍රධාන කණ්ඩායම් 3ක් පිළිබද අදහස් පල කර තිබෙනවා.

ඉන්දියාව හා එංගලන්තය ඉතා ශක්තිමත් කණ්ඩායම් දෙකක් බවත්, ඔවුන්ට මෙවර තරගාවලිය ජය ගැනීම සදහා වැඩි අවස්ථාවක් පවතින බවත්, ගිබ්ස් සදහන් කර තිබෙනවා.

එමෙන්ම පාකිස්තානය ද පුරෝකථනය කළ නොහැකි කණ්ඩායමක් ලෙස පෙන්වා දෙන හර්ෂල් ගිබ්ස් ලෝක කුසලානය ජය ගැනීම සදහා ඔවුන්ට ද අවස්ථාවක් පවතින බවයි සදහන් කර ඇත්තේ.

මෙම ප්‍රධාන කණ්ඩායම් 3 හැරුණු විට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය ද බැහැර කළ නොහැකි බව හර්ෂල් ගිබ්ස් පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, තණතීරුවල ස්වභාවය අනුව බොහෝ දේ තීරණය වනු ඇති බවට ඔහු සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පන්දුව දග කැවෙන ස්වභාවයක් පැවතුණහොත් බටහිර ඉන්දීය කොදෙව්වන්ට මෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීම අසීරු වනු ඇති බව ඔහුගේ අදහසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...