බ්‍රැත්වෙයිට් 97කට දැවී යයි; කොදෙව්වන් ලකුණු 34ක් ඉදිරියෙන්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(14) අලුයම නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 8ක් දැවී ලකුණු 251ක් රැස් කර සිටියා.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 97ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වුණේ හසන් අලීගේ සුපිරි පන්දු රැකීමක් හමුවේයි. (දර්ශන පහතින් නරඹන්න)

ජේසන් හෝල්ඩර් ලකුණු 58යි. බ්‍රැත්වෙයිට් හා හෝල්ඩර් අතර 6 වන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 96ක්.

ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 22ක් හා රොස්ටන් චේස් ලකුණු 21ක් රැස් කළ අතර, ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 20යි.

පන්දු යැවීමේ දී මොහොමඩ් අබ්බාස් කඩුලු 3ක් දවා ගත් අතර, ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 2ක් බිද හෙලුවා.

ජැමයිකාවේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 217ක්.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට පළමු ඉනිමේ දී ලකුණු 34ක් ඉදිරියෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...