තරගය සමබර කරමින් දෙවැනි දිනය නිම වෙයි; එංගලන්තය 246ක් පිටුපසින්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(13) නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම දෝලනය කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 118ක් ලබා සිටියා.

නායක ජෝ රූට් නොදැවී ලකුණු 48ක් හා ජොනී බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

රෝරි බර්න්ස් ලකුණු 49කට දැවී ගියේ මොහොමඩ් ෂාමි යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

ඩොම් සිබ්ලි ලකුණු 11කට දවා ගත් මොහොමඩ් සිරාජ් අනතුරුව යැවූ පළමු පන්දුවෙන්ම හසීබ් හමීඩ් දවා ගැනීමට සමත් වුණා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 364ක්.

කේ.එල්. රාහුල් ලකුණු 129ක් ලබා සිටියදී දිනයේ පළමු පන්දුවාරයෙන්ම දවා ගැනීමට ඔලී රොබින්සන් සමත් වූ අතර, දිනයේ දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම අජින්කෙයා රහානේ එක් ලකුණකට දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණා.

විරාට් කෝලි ලකුණු 42කටත්, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 40කටත්, රිෂාබ් පාන්ට් ලකුණු 37කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 62කට කඩුලු 5ක් බිද හෙලුවා. ඔහු ඉනිමක කඩුලු පහ බැගින් දවා ගත් 31 වැනි අවස්ථාව මෙයයි.

ඔලී රොබින්සන් හා මාර්ක් වුඩ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 246ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...