අශේන් බණ්ඩාරගේ හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ බ්ලූස් පිලට විශිෂ්ඨ ජයක්

Date:

පන්දු යවන්නන්ගේ හා පන්දු රැකීමේ දී දැක් වූ දක්ෂතා හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් SLC Reds (රතු) කණ්ඩායම පරදා ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට SLC Blues (නිල්) කණ්ඩායම අද(13) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ SLC Blues කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගනිමින්.

ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 69 දී දැවී ගිය අතර, Blues කණ්ඩායම සටන්කාමී ලකුණු ප්‍රමාණයක් කරා රැගෙන යාමට අශේන් බණ්ඩාර සමත් වුණා.

ඒ, පන්දු 25කින් ලකුණු 45ක් වාර්තා කරමින්. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත්.

සහන් ආරච්චිගේ ලකුණු 36ක් හා නිෂාන් මදුෂ්ක ලකුණු 20ක් රැස් කළා. පවන් රත්නායක ලකුණු 16යි.

පන්දු යැවීමේ දී අකිල ධනංජය ලකුණු 27කට කඩුලු 3ක් හා සීක්කුගේ ප්‍රසන්න ලකුණු 34කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ SLC Reds කණ්ඩායමට පන්දුවාර 17ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 92ක් පමණයි.

ඒ, පළමු කඩුල්ලට පන්දුවාර 3.2ක් තුළ ලකුණු 31ක සබදතාවයක් ගොඩ නැගුණු පසුබිමක් තුළයි.

නිපුන් ධනංජය ලකුණු 14ක් රැස් කළ අතර, නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 13කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම සිය පන්දුවාර 4 තුළ ලකුණු 12කට කඩුලු 2ක් ද, ඇන්ජෙලෝ පෙරේරා පන්දුවාර දෙකක් යොමු කරමින් ලකුණු 6කට කඩුලු 2ක් ද දවා ගත්තා.

සුරංග ලක්මාල්, ඩිල්ෂාන් මදුෂංක, ධනංජය ලක්ෂාන් හා ශිරාන් ප්‍රනාන්දු අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

https://twitter.com/cric12222/status/1426232403803009026

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...