පුලිනගේ සුපිරි පන්දු යැවීම හමුවේ කමිදුගේ සටන අපතේ යයි; දසුන්ගෙනුත් සුපිරි ප්‍රහාරයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට SLC Greys (අළු) කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ එක් ලකුණකින් පරාජයට පත් වූයේ SLC Greens (කොළ) කණ්ඩායමයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් SLC Greys කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 167ක් රැස් කළා.

නායක දසුන් ශානක පන්දු 41කින් වේගවත් ලකුණු 84ක් ලබා ගත්තේ හයේ පහර 5ක් හා හතරේ පහර 7ක් සමගින්.

චතුරංග ද සිල්වා ලකුණු 23ක් හා මිනෝද් භානුක ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර, ඉෂාන් ජයරත්න, අශාන් ප්‍රියන්ජන්, සුමින්ද ලක්ෂාන් හා ලක්ෂාන් සදකැන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ SLC Greens කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.

ඔවුන්ගේ පළමු කඩුලු 2 ලකුණු 5කදී බිද වැටුණා. අනතුරුව පැතුම් නිස්සංක හා කමිදු මෙන්ඩිස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබදතාවය ලකුණු 102ක්.

මෙන්ඩිස් පන්දු 48කින් ලකුණු 74ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්.

පැතුම් නිස්සංක ලකුණු 45යි. ඉෂාන් ජයරත්න නොදැවී ලකුණු 20ක් හා සම්මු අශාන් නොදැවී ලකුණු 10ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත ගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් අවසන් මොහොතේ එය අසාර්ථක වුණා.

සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ පුලින තරංග සිය පන්දුවාර 4 තුළ ලකුණු 22කට කඩුලු 3ක් ද, අශේන් ඩැනියල් පන්දුවාර 3ක් තුළ ලකුණු 23කට කඩුලු 2ක් ද දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...