කොදෙව්වන් 2/2 ; ලකුණු 215ක් පිටුපසින්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද(13) අලුයම නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 2ක් දැවී ලබා සිටියේ ලකුණු 2ක් පමණයි.

කිරන් පවෙල් හා Nkrumah Bonner ලකුණු නොලබා දැවී ගිය අතර, ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

රොස්ටන් චේස් තවමත් ලකුණු ලබා ගෙන නැහැ.

දැවී ගිය කඩුලු දෙකේම හිමිකරුවා බවට පත් වුණේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අබ්බාස්.

ජැමයිකාවේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තානය සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 217ක්.

ෆවඩ් අලාම් ලකුණු 56ක්, ෆහීම් අශ්රෆ් ලකුණු 44ක් හා නායක බබාර් අසාම් ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජයිඩ්න් සීල්ස් හා ජේසන් හෝල්ඩර් කඩුලු 3 බැගින් බිද හෙලුවා. කෙමා රෝච් බිද හෙලූ කඩුලු ගණන 2ක්.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට පළමු ඉනිමේ දී තවත් ලකුණු 215ක් පිටුපසින් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...