SLC ආරාධිත T 20 ලීගයේ පුහුණුකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 4ට අදාළ පුහුණුකරුවන්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළා.

තරගාවලිය ඊයේ(12) ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, තරග පැවැත්වීමට නියමිත මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට පැවැති වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් එය අද දින දක්වා කල් දැමීමටයි තීරණය කෙරුණේ.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය අළු (Greys) හා කොළ (Greens) කණ්ඩායම් අතර අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි තරගය රාත්‍රී 7ට ආරම්භ වන්නේ නිල් (Blues) හා රතු (Reds) කණ්ඩායම් අතරයි.

දසුන් ශානක (Greys), ධනංජය ද සිල්වා (Blues), දිනේෂ් චන්දිමාල් (Reds) හා අශාන් ප්‍රියන්ජන් (Greens) විසින් අදාළ කණ්ඩායම්වල නායකත්වය දරනු ලබනවා.

කණ්ඩායම් හතරේ පුහුණු කාර්යය මණ්ඩලය –

Team Blues :
– Rumesh Ratnayake – Head Coach
– Thilina Kandamby – Asst. Coach
Team Reds :
– Ruwin Peiris – Head Coach
– Sajeewa Weerakoon – Asst. Coach
Team Greys :
– Upul Chandana – Head Coach
– Saman Jayantha – Asst. Coach
Team Greens :
– Darshana Gamage – Head Coach
– Malinda Warnapura – Asst. Coach

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...