වර්ෂාව නිසා SLC ආරාධිත T 20 ලීගයේ ආරම්භය කල් දැමේ

Date:

අද(12) ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට දක්වා කල් දමා තිබෙනවා.

ඒ, තරග පැවැත්වීමට නියමිත මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට පවතින වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.

අද දිනයේ දී තරගාවලියේ පළමු තරග දෙක පස්වරු 2.30ට හා පස්වරු 7ට ආරම්භ වීමට නියමිතව තිබුණා.

එම තරග දෙක හෙට දිනට කල් දැමිමත් සමග පළමු තරගය අළු (Greys) හා කොළ (Greens) කණ්ඩායම් අතර හෙට පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි තරගය හෙට රාත්‍රී 7ට ආරම්භ වන්නේ නිල් (Blues) හා රතු (Reds) කණ්ඩායම් අතරයි.

කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන් තරගාවලියේ සියළු තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දසුන් ශානක (Greys), ධනංජය ද සිල්වා (Blues), දිනේෂ් චන්දිමාල් (Reds) හා අශාන් ප්‍රියන්ජන් (Greens) විසින් අදාළ කණ්ඩායම්වල නායකත්වය දරනු ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...