ඉන්දියාවට හා එංගලන්තයට අයි.සී.සීයෙන් දඩ; ප්‍රසාද ලකුණුත් කපා හරියි

Date:

ඉන්දීය කණ්ඩායමට හා එංගලන්ත කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, පසුගියදා දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය නිසි පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්.

ඒ අනුව කණ්ඩායම් දෙකටම තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බ්‍රෝඩ් පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව මෙම වරද හේතුවෙන් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ප්‍රසාද ලකුණු දෙක බැගින් කපා හැරීමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 2 බැගින් මේ වන විට හිමිව ඇති අතර, දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(12) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...