42 හැවිරිදී ඉම්රාන් තහීර්ගෙන් වාර්තාගත කඩුලු ත්‍රිත්වයක්

Date:

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන The Hundred හෙවත් පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට Birmingham Phoenix කණ්ඩායම නියෝජනය කරන දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර් ඊයේ (09) සමත් වුණා.

තරගාවලියේ 23 වන තරගය වූ මෙම තරගයේ දී Birmingham Phoenix කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ Welsh Fire කණ්ඩායමයි.

Birmingham කණ්ඩායම නියමිත පන්දු 100 තුළ ලබා දුන් ලකුණු 185 ක ඉලක්කය Welsh Fire කණ්ඩායම විසින් හඹා යමින් සිටි අවස්ථාවේදීයි මෙම කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට තහීර් සමත්වුණේ.

එම තරගයේදි විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ 42 හැවිරිදි මෙම විශිෂ්ඨ පන්දු යවන්නා පන්දු 19 ක් තුළ ලකුණු 25 කට Welsh Fire කණ්ඩායමේ කඩුලු 5 ක් බිඳ හෙලීමට සමත් වුණා.

ඉම්රාන් තහීර් ඇතුළු අනෙකුත් පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ Welsh Fire කණ්ඩායමට කඩුලු සියල්ලම දැවී පන්දු 74 ක් තුළ ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 91 ක් පමණයි.

ඒ අනුව Birmingham Phoenix කණ්ඩායමට ලකුණු 93 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් මෙම තරගයෙන් හිමි වුණා.

වාර්තාගත කඩුලු ත්‍රිත්වයක් සමගින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඉම්රාන් තහීර් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...