මා විසින් තෝරා නොගත් අවසන් තරගයකට මා ක්‍රීඩා කර ඇතැයි පෙනේ : කොලින් මන්රෝ

Date:

ඔක්තෝබර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන සිය සංචිතය නම් කිරීමට නවසීලන්තය ඊයේ (09) දිනයේදී කටයුතු කළ බව අප ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

එහිදී ලෝක කුසලානයට අමතරව ඊට පෙර පැවැත්වීමට නියමිත තරගාවලි කිහිපයක් සදහා ද සංචිත නම් කිරීමටයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණේ.

තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද මෙහිදී ජාතික සංචිතයට නම් කෙරුණා.

කෙසේ වෙතත්, නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට විස්සයි විස්ස පිටියේදී ජයග්‍රහණ රැසක් සදහා මග පාදා දුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම සංචිත සදහා නම් නොකිරීමට එරට ක්‍රිකට් ආයතනය ගත් තීරණය මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති කරුණක්.

විස්සයි විස්ස පිටියේ දී නවසීලන්තය වෙනුවෙන් වැඩිම ශතකලාභී පිතිකරුවා වන කොලින් මන්රෝ මෙන්ම අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන රොස් ටේලර් විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය වෙනුවෙන් නම් කර තිබුණේ නැහැ.

මෙය බොහෝ ක්‍රීඩා ලෝලීන් මවිතයට පත් කළ කරුණක්.

තමාව විස්සයි 20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වී නොතිබීම සම්බන්ධයෙන් කොලින් මන්රෝ විසින් සංවේදී වචන කිහිපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පල කිරීමට කටයුතු කර තිබුණා.

එහිදී ඔහු පවසා තිබුණේ ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවීම සම්බන්ධව තමා කණගාටුවට පත්වන බවයි.

ලෝක කුසලානය ක්‍රීඩා කිරීම තමාට තිබූ ප්‍රමුඛතම ඉලක්ක වලින් එකක් වූ බවයි ඔහු කියා සිටියේ.

නවසීලන්තය වෙනුවෙන් තමා තෝරා නොගත් අවසන් තරගයකට නොදැනුවත්වම ක්‍රීඩා කර තිබෙන බව ඔහු එම සටහනෙන් සදහන් කර තිබුණා.

කොලින් මන්රෝ මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන The Hundred තරගාවලිය සදහා ද ක්‍රීඩා කරමින් සිටිනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...