ඔලිම්පික් උලෙළට ක්‍රිකට් ඇතුළත් කිරීමට සූදානම් බව අයි.සී.සීය තහවුරු කරයි

Date:

2028 වසරේ දී ලොස් ඇන්ජලීස්හී දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට තම කවුන්සලය කටයුතු කරමින් සිටින බව ජගත් ක්‍රිකට් කවුන්සලය අද(10) තහවුරු කළා.

එම කටයුතු සිදු කිරීම සදහා ක්‍රියාකාරී කණ්ඩායමක් ද අයි.සී.සීය විසින් පත් කර තිබෙනවා.

එහි සභාපති ධූරය දරනු ලබන්නේ එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනයේ සභාපති ඉයන් වට්මෝර් විසිනුයි.

අයි.සී.සී ස්වාධීන අධ්‍යක්ෂ Indra Nooyi, සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ සභාපති Tavengwa Mukuhlani, ආසියානු ක්‍රිකට් කවුන්සලයේ උප සභාපති Mahinda Vallipuram හා අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ සභාපති Parag Marathe යන පුද්ගලයින් ද එම ක්‍රියාකාරී කණ්ඩායමට ඇතුළත්.

අමෙරිකා එක්සත් ජනපදය තුළ ද මිලියන 30ක පමණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් සිටින බැවින් 2028 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සදහා සුදුසුම තරගාවලිය වනු ඇති බවයි අයි.සී.සීය පෙන්වා දෙන්නේ.

මීට පෙර එක් අවස්ථාවකදී පමණක් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ඇතුළත්ව තිබුණා. ඒ, 1900 වසරේ දී යි.

බ්‍රිතාන්‍ය හා සත්කාරක ප්‍රංශය යන රටවල් දෙක පමණක් ඒ සදහා තරග කර තිබුණා.

ලබන වසරේ පැවැත්වෙන 2022 බර්මිංහැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සදහා ද ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ඇතුළත් කර තිබෙනවා.

“පැහැදිලිවම ක්‍රිකට් ක්‍රීඩාව සදහා විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. විශේ්ෂයෙන් දකුණු ආසියාවේ. අපේ ප්‍රේක්ෂකයින්ගෙන් 92% ක් ඉන්නේ දකුණු ආසියාවේ. අමෙරිකාව තුළත් මිලියන 30ක ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. ඔලිම්පික් පදක්කමක් සඳහා තම වීරයන් තරඟ වදින ආකාරය දැක ගැනීමට එම ප්‍රේක්‍ෂකයින්ට ඇති අවස්ථාව සිත් ඇදගන්නා සුළුයි” යනුවෙන් අයි.සී.සී සභාපති Greg Barclay සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...