සිය ලෝක වාර්තාවට ආසන්න වූ ශකීබ්ට ලසිත් මාලිංගගෙන් සුබපැතුමක්

Date:

ඕස්ට්‍රේලියාවට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායමට ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක් හිමිකරදෙමින් ඊයේ (09) දිනයේ නිමාවට පත්වු විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ දී ලෝක වාර්තාවක් පිහිටුවීමට ලොව අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස සැලකන ශකිබ් අල් හසාන් සමත්වුණා.

ඩකාහි මීර්පූර් හී දී පැවති මෙම තරගයේ ලකුණු 123 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 62 කට සීමා කරමින් ලකුණු 60ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුනා.

එය වාර්තා අතරට එක් වුණේ 20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මෙම තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවෙමින් පන්දුවාර 3.4 ක් තුළ ලකුණු 9 කට කඩුලු 4 ක් බිඳ හෙලූ ශකීබ් අල් හසාන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

එහිදී ඇශ්ටන් ටර්නර්ගේ කඩුල්ල බිඳ හෙලමින් ශකිබ් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කඩුලු 100 සම්පූර්ණ කරන ලද ප්‍රථම දඟ පන්දු යවන්නා බවට පත්වුණා.

පසුව නේතන් එලිස්ගේ සහ ඇඩම් සම්පාගේ කඩුලු ද දවාගත් ඔහු මේ වන විට බිද හෙලා ඇති ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු සංඛ්‍යාව 102ක්.

ඔහු වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට පසුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු 100 ක් දවාගත් පළමු පන්දු යවන්නා ලෙසයි.

එමෙන්ම ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කඩුලු 100 ක් බිද හෙලමින් ලකුණු 1000 ක් රැස් කර ඇති එකම ක්‍රීඩකයා වන්නේ ද ශකීබ් අල් හසන්.

මේ සම්බන්ධයෙන් espncricinfo වෙබ් අඩවිය මුහුණු පොතේ පල කළ සටහනකට ලසිත් මාලිංග සුබ පැතුමක් එක් කිරිමට කටයුතු කර තිබීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

ලසිත් මාලිංග අභිබවා යමින් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර පිටියේ වැඩිම කඩුලු ලාභියා වීමට ශකිබ් අල් හසාන් දවා ගත යුතු වන්නේ තවත් කඩුලු 6ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...