ඔස්ට්‍රේලියාව 62කට සීමා කරමින් තරගාවලියේ ජය 4-1ක් ලෙස බංග්ලාදේශයට

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශය අද(9) සමත් වුණා.

ඒ, තරගාවලියේ 5 වන හා අවසන් 20යි 20 තරගයෙන් බංග්ලාදේශය ලකුණු 60ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඩකාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 122ක් රැස් කළා.

ඒ, මොහොමඩ් නයීම් රැස් කළ ලකුණු 23න්, නායක මහ්මුදුල්ලාහ් රැස් කළ ලකුණු 19න් හා සෞම්‍ය සාකාර් ලබා ගත් ලකුණු 16න් සවිමත් වෙමින්.

පන්දු යැවීමේ දී නේතන් එලිස් හා ඩෑන් ක්‍රිස්ටියන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍ර්ලියාවට පන්දුවාර 13.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 62ක් පමණයි.

එය 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ඔස්ට්‍රේලියාව ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයක්.

ඉනිමේ ලකුණු 10 සීමාව පසුකළේ නායක මැතිව් වේඩ්(22) හා බෙන් මැක්ඩර්මෝට්(17) පමණයි.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් ලකුණු 9කට කඩුලු 4ක් හා මොහොමඩ් සයිෆුදීන් කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...