භානුකට ආරාධින T 20 තරගාවලිය අහිමි වෙයි; දෙදෙනෙකුට කොරෝනා

Date:

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු නිමා වූ ඉන්දීය එක්දින තරගාවලියේ දී මුහුණ දුන් ඇගිල්ලක ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින්.

ඒ අනුව ඔහු තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත්, අදාළ තරගාවලියට ක්‍රීඩා නොකරන ලෙසට ඔහුට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවත්, ක්‍රීඩා මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළා.

ලබන 12 වනදා ආරම්භ වීමට නියමිත ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී භානුක ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ SLC Greys කණ්ඩායමයි.

මේ අතර, SLC Reds කණ්ඩායමේ මොහොමඩ් ශිරාස් හා නිමේෂ් විමුක්තිට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ද ක්‍රීඩා මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළා.

කෙසේ වෙතත්, ඉන් තරගාවලියට බලපෑමක් එල්ල නොකරනු ඇති.

සියලු කණ්ඩායම්වල සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාම තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා අද(9) මහනුවරට පිටත්ව ගොස් තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...