වර්ෂාව නිසා පළමු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(8) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඒ, තරගයේ අවසන් දිනය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදු වීම හේතුවෙන්.

තරගයේ සිව්වන දිනය වූ ඊයේ දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 209ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 52ක්.

නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිඩ්ජ් ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 183 ක් පමණයි.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 278කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 303ක්.

දෙවැනි ඉනිමේ දී එංගලන්තය වෙනුවෙන් ලකුණු 109ක් හා පළමු ඉනිමේ දී ලකුණු 64ක් රැස් කළ නායක ජෝ රූට් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...