එංගලන්තය ලකුණු 70ක් පිටුපසින්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(6) නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 25ක් රැස් කර සිටියා.

වර්ෂාව හේතුවෙන් අද දනයේ දී ද වැඩි පන්දුවාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නැහැ.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 278කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කේ.එල් රාහුල් ලකුණු 84ක් රැස් කළ අතර, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 56යි.

රෝහිට් ෂර්මා ලකුණු 36ක් ද, ජස්ප්‍රිට් බුම්රා ලකුණු 28ක් ද ලබා ගත්තා. රිෂාබ් පාන්ට් ලකුණු 25කට දැවී ගියා.

පන්දු යැවීමේදී ඔලී රොබින්සන් කඩුලු 5ක් දවා ගත් අතර, ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 4ක් බිද හෙලුවා.

නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිඩ්ජ් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 183 ක් පමණයි.

ඒ අනුව ඔවුන් මේ වන විට දෙවැනි ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 70ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...