ඔස්ට්‍රේලියාව පරදා බංග්ලාදේශය ඉතිහාසයේ පළමු තරගාවලි ජය ලබයි

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමුවරට ද්විපාර්ශ්වික තරගාවලි ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය අද(6) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම ජය ගනිමින්.

ඩකාහී දී අද පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් බංග්ලාදේශය ජය වාර්තා කළේ ලකුණු 10කින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 127ක් රැස් කළා.

නායක මහ්මුදුල්ලාහ් ලකුණු 52ක් ලබා ගත් අතර, ශකිබ් අල් හසාන් ලකුණු 26යි. අෆිෆ් හුසේන් ලකුණූ 19කට දැවී ගියා.

පන්දු යැවීමේ දී සිය මංගල ජාත්‍යන්තර 20යි 20 තරගයට ක්‍රීඩා කළ නේතන් එලිස් කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීම විශේෂත්වයක්.

ඔහු බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දු තුනේ දී පිට පිට කඩුලු දවා ගනිමින් එම කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා. (දර්ශන පහතින්)

නේතන් එලිස්ගේ කඩුලු ත්‍රිත්වයට ගොදුරු වුණේ මහ්මුදුල්ලාහ්, මුස්ටර්ෆිසුර් රෙහ්මාන් හා මෙහිදි හසාන්.

20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත් තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් බිද හෙලූ පළමු ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117ක් පමණයි.

අඛණ්ඩව ලකුණු අතරේ රැදී සිටින මිචෙල් මාෂ් මෙම තරගයේ දී ද ලකුණු 51ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළා.

බෙන් මැක්ඩර්මෝට් ලකුණු 35ක් ලබා ගත් අතර, ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 20යි.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2ක් දවා ගත් අතර, නසුම් අහ්මඩ් හා ශකිබ් අල් හසාන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මුස්ටර්ෆිසුර් රෙහ්මාන් යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 9ක් පමණක් වීම ද විශේෂත්වයක්.

මෙම ජයත් සමගින් බංග්ලාදේශය තරග 3-0ක් ලෙස මේ වන විට 20යි 20 තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

https://twitter.com/mscmedia2/status/1423746534626140161

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...