රාහුල් දවා ගනිමින් ඇන්ඩර්සන්, මුරලි සහ වෝර්න්ට පමණක් දෙවැනි වෙයි

Date:

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලෝකයට බිහි කළ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන 39 හැවිරිදි ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිය 620 වන කඩුල්ල අද(6) බිද හෙලුවා.

ඒ, ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී යි.

එම කඩුල්ලත් සමග ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි ඉහළම කඩුලුලාභියා ලෙස ඔහු ඉතිහාසගත වුණා.

ඉන්දිය ප්‍රථම ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලකුණු 84 ක් ලබා ශතකයකට ආසන්න වෙමින් සිටි කේ.එල් රාහුල්ගේ කඩුල්ල දවා ගනිමිනුයි ඇන්ඩර්සන් සිය 620 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත්තේ.

මෙතෙක් ටෙස්ට් කඩුලු 619 ක් දවා ගනිමින් වැඩිම ටෙස්ට් කඩුලුලාභින් අතර තෙවැනි ස්ථානයේ රැදී සිටියේ ඉන්දීය හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩක අනිල් කුම්බ්ලේ.

නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිඩ්ජ් ක්‍රීඩාංගනයේ මේ වන විට පැවැත්වෙන ඉන්දු – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ ඉන්දීය පළමු ඉනිමේ දී ඇන්ඩර්සන් බිද හෙලූ කඩුලු ගණන 4ක්.

ඒ අනුව ඔහු මේ වන විට තරග 162කදී ටෙස්ට් කඩුලු 621ක් දවා ගෙන සිටිනවා.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඉහළම කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන් තරග 133 කදී කඩුලු 800 ක් බිද හෙලා ඇති අතර, ටෙස්ට් කඩුලුලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවන ශේන් වෝර්න් තරග 145කදී බිද හෙලා ඇති කඩුලු ගණන 708ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...