වනිදු විදෙස් 20යි 20 ලීගයකින් ඉවත් වෙයි

Date:

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ඉවත් වී තිබෙනවා.

ඒ, ඔහු CPL තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ දී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතව සිටින බැවින්.

මෙවර CPL තරගාවලිය අගෝස්තු 26 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එම කාලයේ දී යි දකුණු අප්‍රිකා කණ්ඩායම තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ.

මෙවර CPL තරගාවලිය සදහා වනිදු හසරංගව තෝරා ගනු ලැබුවේ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම විසිනුයි.

ඔහුට අමතරව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් (බාර්බඩෝස් රෝයල්ස්) කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

එමෙන්ම ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සදහායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...