සීක්කුගේ හා තිසරගේ කණ්ඩායම් ගැටෙන අවසන් මහා තරගය අද නරඹන්නේ මෙහෙමයි

Date:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සහ නියෝජනය කරන ක්‍රීඩකයන් රැසක් සහභාගීවන Army Commander’s League විස්සයි 20 තරගාවලියේ අවසන් මහා තරගය අද (06) පස්වරු 2 ට දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් හතරක් මෙම තරගාවලියේ මූලික වටයේදි එකිනෙකා හා තරග වැදුණු අතර එක් කණ්ඩායමක් ක්‍රීඩා කළ තරග ගණන 6 ක්.

එම තරග 6 න් 5 කම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනාගත් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න නායකත්වය දරන Northern Warriors කණ්ඩායම අවසන් මහා තරගයට පළමුව සුදුසුකම් ලබා ගත්තා.

එහිදී Northern Warriors කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසීම සදහා නායක සීක්කුගේ ප්‍රසන්නගෙන් ලැබුණු දායකත්වය සුලුපටු නොවේ.

තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභියා වන ඔහු තරග 6 කදී බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 11 ක්. එමෙන්ම පිත්තෙන්ද වටිනා ඉනිම් දියත් කිරීමට ඔහුට හැකියාව ලැබුණා.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දිනා ගනිමින්, ක්‍රීඩා කළ තරග 6 න් 3 ක ජය වාර්තා කළ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නායකත්වය දරන Western Warriors කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලද අනෙක් කණ්ඩායමයි.

එහිදී එම කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග පිත්තෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් අතර, තරගාවලියේ වාර්තා වූ එකම ශතකයේ උරුමකරුවා වූයේ ද ඔහුයි.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් නායකත්වය දුන් Southern Warriors කණ්ඩායමටත්, අසේල ගුණරත්න නායකත්වය දුන් Eastern Warriors කණ්ඩායමටත් අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි වුණා.

පසුගිය 31 වැනදා ආරම්භ වී පුරා දින හතක් අඛණ්ඩව පැවති, Army Commander’s League විස්සයි 20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරු 2 සිට Batsman.com ෆේස්බුක් පිටුව සහ යු ටියුබ් නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම Peo tv ඔස්සේ නාලිකා අංක 20 වන Event tv නාලිකාව හරහා ද තරගය සජීවීව නැරඹිය හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...