බංග්ලාදේශය 2-0ක් ලෙස පෙරමුණ ගනියි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද(4) සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය මේ වන විට තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ බංග්ලාදේශයයි.

ඩකාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 121ක් රැස් කළා.

මිචෙල් මාෂ් ලකුණු 45ක් හා මොයිසස් හෙන්රික්ස් ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රෙහ්මාන් කඩුලු 3ක් දවා ගත් අතර, ශොරිෆුස් ඉස්ලාම් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශකිබ් අල් හසාන් ලකුණු 26ක් හා මෙහිදි හසාන් ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුණා.

ඉනිමේ 5 වන කඩුල්ල ලකුණු 67ක්ව තිබියදී බිද වැටුණු අතර, අනතුරුව අෆිෆ් හුසේන් හා නුරුල් හසාන් එක්ව බංග්ලාදේශය ජයග්‍රහනය කරා රැගෙන ගියා.

අෆිෆ් නොදැවී ලකුණු 37ක් හා නුරුල් නොදැවී ලකුණු 22ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ්, ඇෂ්ටන් ඒගාර්, ඇඩම් සම්පා හා ඇන්ඩෘ ටයි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...