පළමු දිනයේ සියලු ගෞරව ඉන්දියාවට

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(4) නොටින්හැම්හී දී ආරම්භ වුණා.

තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.

කේ.එල් රාහුල් හා රෝහිට් ෂර්මා නොදැවී ලකුණු 9 බැගින් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, නායක ජෝ රූට් ගත් එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට කිසිදු පිතිකරුවෙකුට හැකි වූයේ නැහැ.

ඒ අනුව ඔවුන්ගේ ඉනිම පන්දුවාර 65.4ක් අවසානයේ නිමා වුණේ ලකුණු 183කටයි.

ඉනිමේ පළමු පන්දු වාරයෙන්ම රෝරි බර්න්ස් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත් වුණා.

නායක රූට් ලකුණු 64කට දැවී ගිය අතර, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 29යි. සැක් ක්‍රව්ලි හා සෑම් කරන්(නොදැවී) ලකුණු 27 බැගින් රැස් කළා.

බර්න්ස්ට අමතරව ඩෑන් ලෝරන්ස්, ජොස් බට්ලර් හා ඔලී රොබින්සන් ද ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී බුම්රා කඩුලු 4ක් ද, මොහොමඩ් ෂාමි කඩුලු 3ක් ද බිද හෙලීමට සමත් වුණා. ශාර්දුල් තාකූර් කඩුලු 2ක් හා මොහොමඩ් සිරාජ් එක් කඩුල්ලක් බිද හෙලුවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 162ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...