සියල්ලන් පුදුමයට පත් කරමින් ඩී කොක් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නවතම ආශ්වාදයක් ලබා දෙමින් මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන The hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේදී Southern Brave කණ්ඩායම නියෝජනය කරන ක්වෙන්ටන් ඩී කොක් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් වෙත මේ වන විට ලොව පුරා බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඩි කොක් මෙම දස්කම ප්‍රදර්ශනය කළේ London Spirit කණ්ඩායම සමග ඊයේ (01) ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී පැවති තරගය අතරතුරයි.

Southern Brave කණ්ඩායම ලබා දුන් ලකුණු 146 ක ඉලක්කය London Spirit කණ්ඩායම විසින් හඹා යමින් සිටි අවස්ථාවේ දී පන්දු 43 කදී ලකුණු 55 ක් ලබා සිටි Josh Inglis වෙත ඉනිමේ 86 වන පන්දුව වේගය අඩාල කරමින් යොමු කිරීමට ක්‍රිස් ජෝ‍ර්ඩන් කටයුතු කළා.

එම පන්දුවට Josh Inglis රිවර්ස් ස්කූප් පහරකට සමාන පහරක් එල්ල කළේ පන්දුව තර්ඩ් මෑන් කලාපයට යොමු කිරීමේ බලාපොරොත්තුවෙන්.

කෙසේ වෙතත්, ඔහුගේ එම පහර අසාර්ථකත්වයට පත් කරමින් කඩුලු රකින ක්‍රීඩක ක්වෙන්ටන් ඩී කොක් සිය උපරිම උත්සාහය යොදා අදාළ පන්දුව විශිෂ්ඨ අන්දමින් රැකගැනීමට සමත්වුණා.

විස්තර විචාරයේ නිරත වූවන් මෙන්ම පිතිකරුවා පවා විශ්මයට පත්කළ ඩී කොක්ගේ මෙම විශිෂ්ඨ උඩ පන්දු රැකගැනීම මේ වන විට සමාජ මාධ්‍ය තුළ ද දැඩි අවධානයට ලක්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

තියුණු තරගයකින් පසුව ක්වෙන්ටන් ඩී කොක් නියෝජනය කරන Southern Brave කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 4 ක ජයග්‍රහණයක් ද හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...