පාකිස්තානයේ නව T 20 ලීගය නවත්වන්නැයි ඉන්දියාවෙන් අයි.සී.සීයට ලිපියක්

Date:

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත දේශිය පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් වන කාශ්මීර් ප්‍රිමියර් ලීග්(KPL) තරගාවලිය පිළිනොගන්නා ලෙස ඉල්ලමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

කාශ්මීර් ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන 6 වනදා ආරම්භ වීමට නියමිතව ඇත්තේ විදෙස් ක්‍රීඩකයින්ගේ ද සහභාගීත්වයෙන්.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දීය ක්‍රිකට් ආයතනය මැදිහත් වීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය පසුගියදා සිය අප්‍රසාදය ද පල කර සිටියා.

ඒ, අදාළ තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් සහභාගී වීම වැළැක්වීම සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙනත් ක්‍රිකට් ආයතන සමග සම්බන්ධ වී කටයුතු කරන බවට වාර්තා පල වීමත් සමගයි.

තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් දැක්වීමක් ද සිදු කර තිබුණා.

ඔහු පවසා සිටියේ කාශ්මීර් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකරන්නැයි තමාට ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

එසේ ක්‍රීඩා කළහොත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කටයුතු සදහා යළි ඉන්දියාවට පැමිණීමට අවසර ලබා නොදෙන බවට ද තමාට තර්ජනය කළ බවයි ඔහු සදහන් කර සිටියේ.

එවැනි පසුබිමක් මතයි අදාළ තරගාවලිය පිළි‍නොගන්නා ලෙස පවසමින් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත ද ඉන්දියාව ලිපියක් යොමු කර ඇත්තේ.

කාශ්මීරය මතභේදයට තුඩු දුන් ප්‍රදේශයක් ලෙස කේන්ද්‍රගත වීම සහ එවැනි ප්‍රදේශවල තරග පැවැත්විය හැකිද යන පදනම මත මෙම ලිපිය යොමු කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වීමට අයි.සී.සීයට හැකියාවක් පවතින්නේදැයි ගැටලුවක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...