වනිදු හා ඉන්දියාව තෙවැනි T 20 තරගයේ දී වාර්තා තබමින් ඉතිහාසගත වෙයි

Date:

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර 20යි 20 තරගයකදී වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව ඉන්දීය කණ්ඩායම අද(29) වාර්තා කළා.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි 20යි 20 තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 81ක් පමණක් ලබා ගනිමින්.

ඔවුන් පළමු පන්දුවාර 10 තුළ දී කඩුලු 5ක් දැවී ලකුණු 39ක් පමණක් රැස් කළ අතර, එය වාර්තා අතරට එක් වුණේ ඉන්දීය කණ්ඩායමක් ජාත්‍යන්තර 20යි 20 තරගයක පළමු පන්දුවාර 10 තුළ රැස් කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර 20යි 20 තරගයක වාර්තා කළ තෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙස ද ඔවුන් අද ලබා ගත් ලකුණූ 81 ඉතිහාස ගත වුණා.

මීට පෙර ඔවුන් ලකුණු 74කට හා ලකුණු 79කට දැවී ගොස් තිබුණා.

අද තරගයේ දී කුල්දීප් යාදෙව් නොදැවී ලකුණු 23ක් රැස් කළ අතර, බුවනේෂ්වර් කුමාර් ලකුණු 16කට දැවී ගියා.

රුටුරාජ් ගයික්වඩ් ලකුණු 14ක් ලබා ගත් නමුත් වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 9කට කඩුලු 4ක් දවා ගනිමින් වාර්තා අතරට එක් වුණේ සිය උපන් දිනයේ දී පන්දු යවන්නෙකු ජාත්‍යන්තර 20යි 20 තරගයක වාර්තා කළ හොදම පන්දු යැවීම සටහන් කරමින්.

එමෙන්ම වනිඳු හසරංග ජාත්‍යන්තර 20යි 20 පිටියේදී වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස ද මෙය වාර්තා අතරට එක් වුණා.

තවද ඉන්දීය කණ්ඩායමට එරෙහිව පන්දු යවන්නෙකු විස්සයි විස්ස පිටියේදී වාර්තා කළ හොඳම පන්දු යැවීම වන්නේ ද වනිඳු මෙම තරගයේ දී දැක් වූ දක්ෂතාවයයි.

මීට පෙර ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉනිමක හොඳම 20යි 20 පන්දු යැවීම වාර්තා කර තිබුණේ නවසීලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් විසිනුයි.

ඔහු ලකුණු 11 කට කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත්ව තිබුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද තරගයේ දී දසුන් ශානක ද කඩුලු 2ක් දවා ගත් අතර, දුෂ්මන්ත චමීර හා රමේෂ් මෙන්ඩිස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

අකිල ධනංජය සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 11ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...