මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්කට එරෙහි දඩුවම් නිර්දේශ කෙරේ

Date:

විනය ගැටලු හේතුවෙන් තාවකාලික ක්‍රිකට් තහනමකට ලක් කෙරුණු ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට ලබා දිය යුතු දඩුවම, ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුව විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක විසින් ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කළ අතර, ඒ හේතුවෙනුයි ඔවුන්ට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනමීවට කටයුතු කෙරුණේ.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් හා නිරෝෂන් දික්වැල්ලට මාස 18 ක ක්‍රිකට් තහනමක් නිර්දේශ කර ඇති බව සදහන්.

මීට අමතරව ඇමෙරිකානු ඩොලර් 25,000 ක දඩයක් ද ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව එම කමිටුව නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

විමර්ශන සිදු කළ පංච පුද්ගල කමිටුව –

  • Justice Nimal Dissanayaka (Retd Judge of the Supreme Court of Sri Lanka)
  • Mr. Panduka Keerthinanda, Attorney-at-Law
  • Mr. Asela Rekawa, Attorney-at-Law
  • Mr. Uchitha Wickremasinghe, Attorney-at-Law
  • Major General (Retd) M.R.W. De Zoysa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...