“මගෙන් වෙන්න ඕනෙ දේ මේක තමයි. කලින් තරගවල කරන්න බැරි වුණා” : ධනංජය

Date:

ඉන්දියාවට එරෙහි අවසන් 20යි 20 තරගය ද ජය ගනිමින් තරගාවලිය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට මනා අවස්ථාවක් පවතින බව ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ධනංජය ද සිල්වා පවසනවා.

ඉන්දියාවට එරෙහි දෙවැනි 20යි 20 තරගය ජය ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද ඉතා හොද මානසිකත්වයකින් පසුවන බැවින් ඉන්දීය කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කර ගත හොත් තෙවැනි තරගයේ දී ද හොද තරගයක් ලබා දීමේ අවස්ථාව පවතින බව ධනංජය සදහන් කළා.

තමාගේ වගකීම වී ඇත්තේ පන්දුවාර 20 නිමා වන තුරු එක් අන්තයක කඩුල්ල රැක ගනිමින් පන්දුවට පහර දීම බවත්, එය සැලසුම් කළ ආකාරයට සාර්ථකව ඉටු කිරීමට දෙවැනි 20යි 20 තරගයේ දී හැකි වූ බවත්, ධනංජය කියා සිටියා.

“මගෙන් කණ්ඩායමට වෙන්න ඕනෙ දේ මේක තමයි. මට කලින් තරගවලත් කියල තිබ්බෙ ඕවර් 20 එක පැත්තකින් ඉවර කරන්න කියලා. මට ඒක කරන්න වුණේ නෑ කලින් තරගෙ. වන්ඩේවලත් මම ට්‍රයි කරා මට කරන්න වුණේ නෑ. මම හිතනවා අද මගේ දවස කියලා, මට ඒක කරන්න පුලුවන් වුණා.” යනුවෙන් දෙවැනි තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ධනංජය ද සිල්වා සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...